ඉන්දීය පාන්පිටි මිල ඉහළ යයි


(යොහාන් භාසුර)

ඉන්දියාවෙන් ආනයනය කරන තිරිඟු පිටි (පාන්පිටි) තොග මිල රුපියල් 10 කින් ඉහළ දැමූ බවත් එම මිල ඉහළ දැමීමත් සමඟ තිරිඟු පිටි කිලෝවක නව තොග මිල රුපියල් 210 ක් බවත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා ‘ලංකාදීප’යට අද (8) පැවසීය.

එම තිරිඟු පිටිවල ඉන්දියාවේ මිල පහත වැටීම හේතුවෙන් මිල රුපියල් 10 කින් පමණක් ඉහළ දැමූ බව කී සෙනෙවිරත්න මහතා එසේ නොවුණේ නම් මිල රුපියල් 20 කින් ඉහළ දැමීමට සිදුවන බව ද සඳහන් කළේය.

රජය තිරිඟු පිටි සඳහා දී තිබූ රුපියල් 3 ක බදු සහනය ඉවත් කිරීම මෙම මිල ඉහළ දැමීමට හේතු වූ බව ද ඒ මහතා වැඩි දුරටත් කීය.