(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු කරමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් 6 දෙනෙකු සහ ධීවර ආම්පන්න තොගයක් මන්නාරමට උතුරු දෙසින් වූ මෙරට මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
උතුරු නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක බලඝණයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් මඟින් මන්නාරමට උතුරු දෙසින් වූ මෙරට මුහුදු තීරයේ සිදුකළ මුරසංචාරයකදී, අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ එහි සිටි ඉන්දීය ධීවරයින් 6 දෙනෙකු සහ ධීවර ආම්පන්න මෙලෙස භාරයට ගත් බවත් එම පිරිස සහ ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලයට භාරදුන් බවත් නාවික හමුදාව කීය.
විදේශීය ධීවරයින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරන නිතීවිරෝධී ධීවර කටයුතු හේතුවෙන් දේශීය ධීවර ප්‍රජාවට සිදුවන බලපෑම මෙන්ම මෙරට සාගරික පරිසරයේ ජෛව විවිධත්වයට එල්ලවන හානිය මැඩපැවැත්වීමේ අරමුණින්, මුර සංචාර වැඩි කරමින් අඛණ්ඩ මෙහෙයුම් සිදු කරන බවත් නාවික හමුදාව වැඩි දුරටත් පැවසීය.