ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට


(වසන්ත චන්ද්‍රපාල)

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් අට දෙනෙකු නාවික හමුදා විසින් අත් අඩංගුවට ගනු ලැබිය.

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරමට, උතුරෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදි මෙම ධිවර යාත්‍රාව සහ සැකරුවන් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් උතුරු මැද නාවික විධානය මඟින් නිරීක්‍ෂණය කර, එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක්, එම විධානයේ වෙරළබඩ මුර යාත්‍රා යොදවා සිදු කරනුු ලැබිය.