
(ඉන්දිකා රාමනායක)
මෙරට සංචාරයේ නිරත ඉන්දීය ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් විවේක් රාම් මහතා ගුවන් හමුදාවේ ගුවන් ශක්තිය ඉහළ නැංවීම සඳහා ඇන්ටොනෝවි 32 වර්ගයේ ගුවන් යාන සදහා අවශ්‍ය අවරපෙ යුගල ද්විත්වයක් පිරි නැමු බව ගුවන් හමුදාව පවසයි.
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවති වාර්ෂික 7 වන ආරක්ෂක සංවාදයේදි ඉන්දිය රජයෙන් සිදු කළ ඉල්ලිමකට අනුව මෙම ප්‍රධානය සිදු කරන ලදි.
එම උපකරණ ගුවන් හමුදාධිපතිවරයා වෙත නිළ වශයෙන් පිරිනැමීම පසුගියදා ගුවන් හමුදා කටුනායක මුලික කඳුවුරේ දී සිදු විය.

