ඉන්දීය කුලිකරුවෝ රන්වලට විදී


(ඉන්දිකා රාමනායක)

කාත්තන්කුඩි ප්‍රදේශයේ රන්බඩු හලක සේවය කරමින් සිටි ඉන්දීය ජාතිකයන් තිදෙනකු එහි තිබූ රුපියල් ලක්ෂ 30 ක රන් සොරාගෙන පලාගොස් ඇතැයි කාත්තන්කුඩි පොලිසිය කියයි.

සංචාරක වීසා මත පැමිණ මාස කිහිපයක් රන් බඩු නිෂ්පාදනය කර ඇති බවත්. රන්බඩු නිපදවීම සඳහා එහි හිමිකරු ලබා දී තිබු රත්‍රං ග්‍රෑම් 250ක් සොරාගෙන පළා ගොස් ඇතැයිද පොලිසිය පවසයි.