ඉන්දියාවේ සිටින තවත් ශ්‍රී ලාංකික සිසුන් 102 ක් හෙට ශ්‍රී ලංකාවට


( තිළිණි ද සිල්වා )
 
කොරෝනා වසංගතය හේතුවෙන් විදේශයන්හි සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් දිවයිනට  ගෙන ඒමේ රජයේ වැඩ පිළිවෙල යටතේ ඉන්දියාවේ පන්ජාබි විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 102 දෙනෙකු හෙට   (23) සවස දිවයිනට පැමිණීමට නියමිත බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය .
 
ඉන්දියාවේ පන්ජාබි ප්‍රාන්තයේ විශ්ව විද්‍යාල වල සිටින ළමුන් 102 දිවයිනට ගෙන්වා ගැනීම සදහා ශ්‍රී ලංකන් ගුවන් සමාගෙමේ UL 146 දරණ ගුවන් යානය මගින් සිදු කෙරෙන බවද අමාත්‍යවරයා කියා සිටියේය.
 
මීට අමතරව එළැඹෙන (24) දින UL 194 ගුවන් යානය කොයිම්බතුර් සිටින තවත් ශ්‍රී ලාංකිකයන් 117 දෙනෙක් ද , UL 1425 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානයෙන්  කත්මන්ඩු සිට තවත් ශ්‍රී ලාංකිකයන් 93 දෙනෙක්ද දිවයිනට ගෙන ඒමට කටයුතු යොදා තිබේ.
 
එම පිරිසද නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු යොදා ඇති බවයි.
 
විදේශයන්හි සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන ඒමේ රජයේ වැඩ පිළිවෙල යටතේ පළමු කණ්ඩායම ඊයේ (21) සවස දිවයිනට පැමිණියහ. ඒ අනුව පාකිස්ථානයේ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය හැදෑරූ හා පුහුණු කටයුතු සදහා පාකිස්ථානයට ගිය 113 දෙනෙකු දිවයිනට පැමිණියහ.
 
විදේශ කටයුතු අමාත්‍යංශයේ සම්බන්ධිකරනයෙන් විදේශගත ශ්‍රී ලාංකිකයන් දිවයිනට රැගෙන ඒමේදී ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ප්‍රමුඛතාවය ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කීය 
 
මෙලෙස පැමිණෙන සියලු දෙනා ඉතා ආරක්ෂිතව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ කටයුතු යොදා ඇති බවද හෙතෙම පැවසීය .