
(රොමේෂ් මධුෂංඛ)
ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ පිහිටි මලප්පුරම් මුහුදු තීරයේදී සංචාරක බොට්ටුවක් ඊයේ (07) සවස් කාලයේදී පෙරලීමෙන් පුද්ගලයින් 21 දෙනෙකු මේ වන විට මිය ගොස් ඇති බවටත් තවත් පිරිසක් බරපතල තුවාල ලබා ඇතැයිද එරට මාධ්‍ය පෙන්වා දෙයි.
මලප්පුරම් මුහුදු තීරයේ යොදවා තිබූ සංචාරක බොට්ටුවක් මෙලෙස පෙරලීයාමෙන් මෙම අනතුර සිදුව ඇති අතර බොට්ටුව පෙරලීයාමෙන් අතුරුදහන් වූ පිරිස් සොයා ගලවාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කෙරෙයි.
පෙරලී ගිය බොට්ටුව තට්ටු දෙකකින් සමන්විත වන අතර උඩ තටුවේ වැඩිපිරිසක් ගමන්ගැනීම හේතුවෙන් මෙලෙස බොට්ටුව පෙරලී ගියේදැයි යන සැකසහිත බවට එරට ආරක්ෂක අංශ පැවසීය.
කෙසේ වෙතත් බොට්ටුව පෙරලෙන අවස්ථාවේදී මගීන් 40කට වැඩි පිරිසක් ගමන්කොට ඇති අතරම බොට්ටුව පෙරලීමෙන් බරපතල තුවාල ලබා රෝහල්ගත කල පිරිස්වලද තත්ත්වය බරපතල බවටද ඉන්දීය මාධ්‍ය වර්ථා කොට සිටියේය.
මිය ගිය පිරිස් අතර කුඩා ළමුන් මෙන්ම කාන්තාවන්ද 05 දෙනෙකුගේ ඇතුලු 21 දෙනෙකුගේ මළ සිරුරු හමුවී ඇතැයිද බොට්ටුව පෙරලී යාමෙන් අතුරුදහන් වූ පිරිස් සොයා අඛණ්ඩව මෙහෙයුම් සිදුකරන බවටද ඉන්දීය ආරක්ෂක අංශ වැඩිදුරටත් පැවසීය.


