ඉන්දියාව - ඇමෙරිකාව අතර වෙළෙඳ සාකච්ඡා නවතී?


(විමුක්ති එස් රුද්‍රිගු)

තීරු බදු ගැටළුව විසඳා ගන්නා තෙක් ඇමෙරිකාව සහ ඉන්දියාව අතර වෙළෙඳ ගිවිසුමක් සඳහා වන සාකච්ඡා ඉදිරියට යා නොහැකි බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළේය.

ඉන්දියාවේ අපනයන නිෂ්පාදන සඳහා මේ වනවිට ඇමෙරිකාව සියයට 50 ක බදු ප්‍රතිශතයක් පනවා ඇති අතර ඉන් ජනපති ට්‍රම්ප්ගේ තීරු බද්ද යටතේ පැනවූ සියයට 25 ක බදු ප්‍රතිශතය ඊයේ (07) බලාත්මක විය.

ඉන්දියාව රුසියාවෙන් බොරතෙල් මිලදී ගැනීමේ වරදට පැනවූ ඉතිරි සියයට 25 ක බදු ප්‍රතිශතය එළැඹෙන 27 වැනිදා ක්‍රියාත්මක වීමට නියමිතය.