( හර්ෂණ තුෂාර සිල්වා )
ඉදිරි මාස හයක කාලය සඳහා මාර්ග සැලැස්මක් හඳුන්වාදෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කරයි.
මේ අනුව ඔක්තෝබර් මාසයේ පළමු වැනිදා මෙම සැලැස්ම හඳුන්වාදෙන බවත් එතැන් පටන් මාස හයක කාලය සඳහා මෙම ආර්ථික සැලැස්ම හඳුන්වාදෙන බවත් හෙතෙම කියයි.
සියලු ප්‍රධාන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි මෙම සැලැස්ම සකස් කරමින් තිබෙන බවත් මෙය “කළ යුතු කාර්ය” (ටු ඩූ ලිස්ට්) ආකාරයෙන් සකස් කරන බවත් පවසයි.
නව මහ බැංකු අධිපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මෙම කරුණු සඳහන් කරයි.
අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ 16 වැනි අධිපතිවරයා ලෙස ඉකුත් දා එම ධුරයේ රාජකාරී ඇරැඹීය.
ආර්ථිකය ස්ථාවර කිරීමට පියවර පියවර ගන්නා බව නව අධිපතිවරයා එදින පැවැසීය.

