
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඉටුකම කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ රුපියල් කෝටි 186 කට වැඩි මුදලක් දැනට පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවැසීය.
ඔහු මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මයන්ත දිසානායක මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
කොවිඩ් මර්දන කටයුතු සඳහා මෙම අරමුදලේ රුපියල් කෝටි විස්සකට ආසන්න මුදලක් වැය කර ඇතැයිද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
එන්නත්කරණය,පීසීආර් පරීක්ෂණ, නිරෝධායන කටයුතු , උපදේශන සේවා සහ දැඩිසත්කාර ඒකක සඳහා ඇඳන් මිලදී ගැනීම සඳහා එම මුදල් වැය කර ඇතැයි පැවසූ රඹුක්වැල්ල මහතා මෙම අරමුදල විද්වතුන් 16 දෙනකුගේ ප්‍රධානත්වයෙන් පාලනය වන බවද සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් තීන්දුව ලැබුණු පසුව ඉටුකම අරමුදල පිළිබඳව සම්පූර්ණ තොරතුරු මැතිසබයට දැනුම් දෙන බවත් විදේශ රටවලින් ලැබුණු ආධාර පිළිබඳවද දැනුම්දීමට කටයුතු කරන බවත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.

