(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
පවතින වැසි තත්වය හේතුවෙන් ඉංගිනිමිටිය ජලාශයේ වාන්දොරටු හයම විවෘතකර ඇති බව පුත්තලම වාරිමාර්ග අධ්‍යක්ෂ ඉන්ජිනේරු සමන්ති ජයමාන්න මහත්මිය පැවසුවාය.
ජලාශයේ වාන් දොරටු හයෙන් දොරටු දෙකක් අඩි 02 බැගින් සහ ඉතිරි දොරටු හතර අඩිය බැගින් විවෘත කර ඇති අතර ඒ හේතුවෙන් තත්පරයට ඝන අඩි 4000 ක ජල පරිමාවක් මී ඔය වෙත මුදා හැරේ.
මෙම තත්වය ජලාශය පහළ ප්‍රදේශ වලට ගං වතුර තත්වයක් නොවන බවද ජලාශය බාර වාරි ඉන්ජිනේරු පී.බී.කේ. පතිරත්න මහතා පැවසීය. ඉංගිනිමිටිය ජලාශයේ මුළු ජල දාරිතාවය අක්කර අඩි 58000 කි.