ඉකුත් දින කිහිපයේ ලද විදේශ විනිමය ලැබීම් රටේ දළ නිල සංචිත වැඩි දියුණු කිරීමට උපකාරී වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
එම ලැබීම් තුළින් දේශීය විනිමය වෙළෙඳපොළ තුළ ද්‍රවශීලතා තත්ත්ව තවදුරටත් පහසු කිරීමට මහ බැංකුවට ඉඩ සලසන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
රජය වෙත ලැබෙන ණය නොවන විදේශ විනිමය ලැබීම් ඇතුළු අපේක්ෂිත ලැබීම් හේතුවෙන් ඉදිරි කාලය තුළ ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් කියයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව ජූලි මස 31 වැනිදා වනවිට මෙරට දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 2,833.5 (බිලියන 2.8ක්) විය. එයින් විදේශ විනිමය (මුදල්) සංචිතය ඇමෙරිකානු ඩොලර් මිලියන 2,364.6ක් ලෙස දැක්විණි.

