
(චමින්ද වැවතැන්න සහ පී ශාන්ත බණ්ඩාර)
පාසල් ළමුන් හා කාන්තාවන් යොදාගෙන අසභ්‍ය වීඩියෝපට හා ජායාරූප සකසා අන්තර් ජාලයට මුදාහැර මසකට රුපියල් ලක්ෂයකට වැඩි ආදායමක් ඉපැයීමක් සිදු කර ඇතැයි කියන විශ්ව විද්‍යාල දෙකක අධ්‍යාපන හදාරන සිසුවෙක් හා සිසුවියක් භාණ්ඩ තොගයක් සමග අත් අඩංගුවට ගත් බව කඩුගන්නාව පොලිසිය පැවසීය.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර පිළිමතලාව ප්‍රදේශයේ පදිංචිව සිටින 29 පෞද්ගලික විශ්ව විද්‍යාලයක මෘදුකාංග ඉංජිනේරු උපාධි අපේක්ෂකයෙකු හා
රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටින රජයේ විශ්ව විද්‍යාලයක ඉගනුම ලබන 29 හැවිරිදි වෝහාරික වෛද්‍ය වේදී උපාධි අපේක්ෂිකාවක් බවත් පොලිසිය පැවසීය.
අත් අඩංගුවට ගෙන ඇති උපාධි අපේක්ෂිත ශිෂ්‍යයා හා ශිෂ්‍යයාව පිළිමතලාව ප්‍රදේශයේ ලැගුම් පොළක සිට ඉතා සූක්ෂම ලෙස මෙම ක්‍රියාව සිදු කර ඇතැයි පොලීසිය කියයි.

