(තිළිණි ද සිල්වා )
ගැටුම් පවතින ඇෆ්ඝනිස්ථානය තුළ ලාංකිකයින් 93 දෙනෙකු පමණ සිටින බවට කරුණු තහවුරු වී ඇතැයි ඇෆ්ඝනිස්ථානයේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් පියල් ද සිල්වා මහතා පවසයි.
මීට පෙර එරට සිට ලාංකික ශ්‍රමිකයින් පිරිස 43 දෙනෙකු බව පැවසුනද , පවතින තත්ත්වය හමුවේ ලාංකික 93 දෙනකු මේවන විට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හමුවේ ලියාපදිංචි වී සිටින බවද තානාපතිවරයා සදහන් කළේය.
මෙම පිරිසෙන් 35 දෙනකු පමණ මේවන විට ඔවුන් සේවය කරන එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන , ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන හරහා වෙනත් රාජ්‍යයන් කරා ගොස් නැවත ලංකාව වෙත පැමිණෙමින් සිටින බවද පියල් ද සිල්වා මහතා වැඩිදුරටත් කීවේය.
ඇෆ්ඝනිස්ථානයේ පවතින තත්ත්වය පිළිබද ලංකාදීපයට අදහස් දැක්වූ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් පියල් ද සිල්වා මහතා මෙසේද පැවසීය.
''මුලින්ම අපට තහවුරු වූයේ ශ්‍රී ලාංකිකයන් 43 දෙනෙකු එරට රැඳී සිටින බවයි. එක්සත් ජාතීන් සංවිධානය හා ඒ හා සම්බන්ධ නියෝජිතායතන, රාජ්‍ය නොවන සංවිධාන , වෙළඳ ආයතනයන්හී මෙම පිරිස් සේවය කරන බව තහවුරු වුවා.මුලින්ම ලංකාවේ අය 300 කට ආසන්න පිරිසක් එරට රැදි සිට තිබෙනවා.2020 දෙසැම්බර් වනවිට එම සංඛ්‍යාව 250 ක් වූ බවට තොරතුරු ලැබුනා.නමුත් පසුකාලීන ඇමෙරිකා කදවුරු ඇෆ්ඝනිස්ථානයෙන් ඉවත් වීමත් සමග ඒ ආශ්‍රතව කටයුතු බොහෝ ලාංකිකයින් නැවත ලංකාවට පැමිණී තිබෙනවා.
ඉකුත් 16 වැනිදා වනවිට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටි 43 දෙනා ගෙන් අට දෙනෙක් හවුල් පාර්ශවකරුවන්ගේ සහාය ඇතිව ආරක්ෂිතව එරටින් ඉවත් කර ගැමට පවා හැකි වූවා.නමුත් පෙරේදා (19 ) වන විට ලාංකිකයින් 93 ක් ශ්‍රීලංකා තානාපති කාර්යාල හා ලියාපදිංචි වී තිබෙනවා.ඉන් බහුතරයක් දෙනා ඔවුන් සේවය කරන එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන , හරහා වෙනත් රාජ්‍යයන් කරා ගොස් නැවත ලංකාව වෙත පැමිණෙමින් සිටිනවා.මේ පිරිස 35කට ආසන්න වෙනවා.තවත් ලාංකිකයින් 25 දෙනෙකු පමණ එක්සත් ජාතීන්ගේ අනුබද්ධිත ආයතන වල දිගට සේවය කරමින් ඒහි රැදී සිටීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැනුම් දී තිබෙනවා.
මම තානාපති ධූරයේ මාස 9කට ආසන්න කාලයක් එක දිගට රාජකාරී සිදු කර විදේශ අමාත්‍යාංශයේ අනුමැතිය සහිතව නිවාඩුවක් සදහා දිවයිනට පැමිණ සිටියදී මෙවැනි අනපේක්ෂිත තත්ත්වයක් එරට ඇති වුවා.එසේ වුවත් පැය විස හතර පුරා එක දිගට අපේ ලාංකිකයින් වෙනුවෙන් මම සේවය ලබා දෙමින් සිටින්නේ කිසිදු කාර්යාල සේවකයෙකුගේ සහාය නොමැතිවයි.
ලාංකිකයින් එරටින් මුදා ගැනීමේ කටයුතු රජයේ , විදේශ අමාත්‍යාංශය , විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාගේ උපදෙස් මත ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සළසා ගැනීමට ජාත්‍යන්තර හවුල්කරුවන් සමග කටයුතු කිරීමට ආරම්භ කරනු ලැබුවා.
ආරංචි ලැබෙන විදියට තලේබාන්වරුන් සියලුම රාජ්‍යතාන්ත්‍රිකයින්ට සුපුරුදු පරිදි රාජකාරී කරන ලෙස දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් එරට තුළ පවතින තත්ත්වයන් අපි දිගින් දිගටම නිරීක්ෂණ කරමින් සිටිනවා සේම රජයේ අනුමැතිය යටතේ නැවත ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් රාජකාරී කිරීමට මා බැදී සිටිනවා , එතෙක් ලංකාවේ සිටිය තානාපති ධූරයේ නීසි වගකීම ඉටු කිරීමට බැදී සිටින බවද ඇෆ්ඝනිස්ථානයේ ර්‍ශී ලංකා තානාපති අද්මිරාල් පියල් ද සිල්වා මහතා ලංකාදීපයට වැඩිදුරටත් කියා සිටයේය.

