ඇහිලූ මුදල් අයිතිකරුටම දෙයි


(ගයාන් සූරියආරච්චි)

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ තොරතුරු හා ප්‍රචාරක කොට්ඨාසය තුළ වැටී තිබූ රුපියල් 17000 ක මුදලක් බිම වැටී තිබියදී ඩී.කේ රොහාන් ප්‍රදීප් මහතා විසින් එය අයිතිකරු සොයා බාරදී ඇත.

ඒ පිළිබදව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ තොරතුරු හා ප්‍රචාරක කොට්ඨාසය ආයතන ප්‍රධානී නදීරා මඩුගල්ල මහත්මියව දැනුවත් කිරීමෙන් අනතුරුව එම මුදල එම ආයතනයේම සේවිකාවකගේ බවට තහවුරුවීමෙන් අනතුරුව එම මුදල රොහාන් ප්‍රදීප් මහතා ඇයට බාරදුන්නේය.

ඇය එම මුදල තම දරුවාගේ අත්‍යවශ්‍ය කටයුත්තක් වෙනුවෙන් සන්තකයේ තබාගෙන ඇති අවස්ථාවේදී මෙලෙස අස්ථානගතවී තිබූ බව ඇය පැවැසුවාය.