ඇහැළියගොඩ අනතුරින් 22ක් රෝහලට


(අජිත්ලාල් ශාන්තඋදය)

රත්නපුර කොළඹ ප්‍රධාන මාර්ගයේ ඇහැළියගොඩල මීන්නාන නගරය ආසන්නයේ අද උදෑසන ලංගම බස් රථයක් සහ කන්ටේනර් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් පුද්ගලයන් 22 දෙනකු තුවාල ලබා ඇති බව ඇහැළියගොඩ පොලිසිය පවසයි.

තුවාලකරුවන් අතර ලොරි රථයේ රියදුරු හා රිය සහයකයා ද, බස් රථයේ රියදුරු හා මගීන් වන බවද පොලිසිය කියයි.

බරපතල තත්තවය් පසුවන පස් දෙනකු වැඩිදුර ප්‍රතිකා සදහා රත්නපුර ශීක්ෂණ මහ රෝහලට මාරුකළ බව ඇහැළියගොඩ මුලික රෝහලේ ප්‍රකාශකයෙක් කීවේය.

අනතුර සිදුව ඇත්තේ පෙරවරු නවයට පමණය. බස් රථය කොළඹ සිට බදුල්ල බලා ධාවනය වු එකකි. කන්ටේනර් රථය රත්නපුර සිට කොළඹ බලා ධාවනය වු එකකි. අනතුර සිදුව ඇත්තේ මීන්නාන හන්දියේ සිට මීටර් 100 ක් පමණ අවිස්සාවේල්ල දෙසට වන්නට ඇති වංගුවේදීය.