ඇසළ පෙරහර සජීවිව නරඹන්න ලංකාදීප වෙබ් අඩවියට එන්න


(ජේ.ඒ.එල්.ජයසිංහ)

සෙන්කඩගලපුර ඓතිහාසික ඇසළ මහා පෙරහරේ අවසන් රන්දෝලි පෙරහර අද සවස සුභ මූර්තියෙන් ආරම්භ වීමට නියමිතය‍

අවසන් රන්දෝලි පෙරහර සජීවි දර්ශන lankadeepa.lk වෙබ් අඩවිය හරහා ඔබට නැරඹිය හැකියි.

අවසන් රන්දෝලි පෙරහර දැක බලා ගැනීම සඳහාලක්ෂයකට අධික ජනතාවක් මහනුවර නගරයේ වීථීවලට රොක්වී සිටිති.

ඇතැම් බැතිමතුන් රැය පහන් කළේ ද පදික වේදිකාවලය ඒ අවසන් රන්දෝලි පෙරහැර නරඹා සිය නිවෙස් කරා යාමේ අටියෙනි.

නගරය පූරා දැඩි ආරක්ෂක වළල්ලක් පොලීසිය සහ ත්‍රිවිධ හමුදාය ,යුධ හමුදා කොමාන්ඩෝ බළකාය ,පොලිස් අශ්වා රෝහක බළකාය ,පොලිස් නිල සුනඛ කණ්ඩායම් නගරය පුරා යොදවා තිබිණි.

නගරයට ඇතුල්වන සියලු වාහනද දැඩි පරීක්ක්ෂාවට ලක් කරයි.