ඇවන්ගාඩ් ලොක්කා-පවුලේ අය රට යයි


(ටී.කේ.ජී.කපිල)

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් කටුනායක ගුවන් තොටුපළෙන් මාලදිවයින බලා පිටත්ව ගොස් ඇති බව තොරතුරු වාර්තා වේ.

මොවුන් පිරිස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන ගුවන් යානයෙන් අද උදෑසන 08.20 ට මාලදිවයින බලා පිටත්ව ගොස් තිබේ .

එම අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපළ පරිගණක සහ ආරක්ෂක කැමරා පද්ධතිය අවුල් සහගත තත්වයකට පත් ව තිබී ඇති අතර ,එම අවස්ථාවේ මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තය ඔස්සේ අදාළ ගුවන් යානය වෙත පිවිසීමට කටයුතු කර තිබේ .

මෙම සිදුවීම පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ ආරක්ෂක අංශ ද මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබේ .