ඇමෙරිකාවේ පල්ලියක වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට


ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ වයිට් සෙට්ල්මන්ට් හි පල්ලියක උදෑසන පූජාව පැවැත්වෙන අවස්ථාවේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනකු මිය ගොස් ඇතැයි වාර්තා වේ.

පසුව පල්ලියේ ආරක්ෂක නිලධාරියකු සිදුකළ වෙඩි තැබීමකින් තුවක්කුකරු ද මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

තුවක්කුකරු පල්ලියේ බංකුවක් මතට නැගී වෙඩි තැබීම සිදුකර ඇති බවත් තුවාල ලැබූ පුද්ලගයන් දෙදෙනා රෝහල් ගතකිරීමෙන් පසු මියගිය බවත් බලධාරීහු පවසති.

පොලිසිය පවසන්නේ වෙඩි තැබීමට හේතුව පැහැදිලි නොමැති බවයි.

කෙසේ වුවද පල්ලියේ ආරක්ෂක භටයින් වහාම ක්‍රියාත්මක වීම හේතුවෙන් බොහෝ පිරිසකගේ දිවි බේරාගැනීමට හැකිවූ බවද පොලිසිය සඳහන් කර තිබේ.

 

(බීබීසී ඇසුරිණි - 085)