
ඉරානය සමඟ පවතින යුදමය තත්ත්වය අවසන් කිරීමේ අවබෝධතා ගිවිසුමකට අද (14) අත්සන් කරන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ඉරානය මෙතෙක් කිසිවක් පවසා නැත. විදෙස් මාධ්‍ය විශ්වාසය පළ කර ඇත්තේ අද (14) මෙම අවබෝධතා ගිවිසුම අත්සන් නොකළත්, ඉදිරි දින කීපයේ දී එය අත්සන් කෙරෙනු ඇති බවය.
අවබෝධතා ගිවිසුමට අනුව, ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්, සියලුම දෙනාට විවෘත කළ යුතු අතර, න්‍යෂ්ටික අවි නිපදවීමෙන් පැහැර විය යුතුය. මේ සම්බන්ධයෙන් ඉරානය කරුණු 14 ක කොන්දේසි ඇමෙරිකාවට යොමු කර ඇතැයි ද පැවැසෙයි. අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීම මාර්ගගත තාක්ෂණය ඔස්සේ අත්සන් කිරීමට නියමිත බව ද වාර්තා වේ.

