තරිඳු ජයවර්ධන
පාර්ලිමේන්තුව අද පස්වරු 10.30 ආරම්භ වීමට නියමිතය.
අද දිනට නියමිත පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ න්‍යායපත්‍රයක් ද මේ වන විට ප්‍රසිද්ධියට පත් කර තිබේ.
ජනරජයේ මුදල්වලින් කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ටත් ඔවුන්ගේ කාර්ය මණ්ඩල වෙනුවෙනුත් කිසිදු මුදලක් ගෙවීමට අමාත්‍යංශ ලේකම්වරුට නොහැකි බව දැක්වෙන යෝජනාවක් අද පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම යෝජනාව භාර දී ඇත්තේ රාජිත සේනාරත්න, රවී කරුණානායක, පාඨලී චම්පික රණවක, අර්ජුන රණතුංග, මනෝ ගනේසන් සහ ජයම්පති වික්‍රමරත්න යන මන්ත්‍රීවරුන් විසිනි.
විශ්වාස භංග යෝජනාවක් සම්මත වී ඇති හෙයින් අමාත්‍ය මණ්ඩලය විසිරී ඇති බව කතානායකවරයා ප්‍රකාශයට පත් කර තිබෙන නිසා සහ මූල්‍ය බලතල පාර්ලිමේන්තුව සතු හෙයින් මෙම යෝජනාව සම්මත කර ගන්නා බව ද සඳහන්වේ.