(සුජිත් හේවාජුලිගේ)
කොළඹ ඇමැති බංගලාවලින් එක් බංගලාවක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ පරිහරණය සඳහා බාර දුන් බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස් . ආලෝක බණ්ඩාර මහතා පැවසීය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ඉඩකඩ පිළිබඳ ප්‍රශ්නයක් පවතින හෙයින් ඔවුන්ගේ ඉල්ලීම අනුව එම කොමිසම අසල පිහිටි ඇමැති නිල නිවාසයක් මෙසේ බාරදුන් බවද ඔහු සඳහන් කළේය.
මේ අතර ඇමැති නිල නිවාස තක්සේරු කිරීමේ කටයුතු මේ වනවිට අවසන්ව ඇත. මේ අනුව ඒ පිළිබඳ වාර්තාවක් ලබන සතියේදී බාරදීමට නියමිතව ඇතැයි ලේකම්වරයා ප්‍රකාශ කළේය.
මෙම වාර්තාව ලැබුණු පසු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් ඇමැති මණ්ඩලයෙන් ලැබෙන නියෝග අනුව එම නිවාස සම්බන්ධයෙන් සුදුසු පියවරක් ගන්නා බවත් ආලෝක බණ්ඩාර මහතා පැවසීය
ඇමැතිවරුන්ට වෙන් කෙරුණු නිල නිවාස තිස් පහක් පමණ කොළඹ 7 ප්‍රදේශයේ පවතී. නව රජයේ අමාත්‍යවරුන් එම නිල නිවාස ලබා නොගැනීමට දැනටමත් තීරණය කර ඇත.