ඇමැති පියසේන ගමගේට එජාපයේ හිනිදුම ආසන සංවිධායක ධුරය


(දයාසීලි ලියනගේ)

එක්සත් ජාතික පක්ෂයේ හිනිදුම ආසන සංවිධායක වශයෙන් හිටපු ඇමැති පියසේන ගමගේ මහතා පත්කර ඇත.

වසර 30 කට අධික කාලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයකු වශයෙන් ඒ මහතා සේවය කර තිබිණි.

විජේපාල හෙට්ටිආරච්චි මහතා සහ බන්දු ලාල් බණ්ඩාරිගොඩ මහතා හිනිදුම ආසනයේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල සහයට පත් කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.