ඇමැති අර්ජුන බස් ගාස්තු අඩු කිරීමට සැරැසෙයි


බස් ගාස්තු අඩු කිරීම සඳහා ඉදිරියේදී පියවර ගන්නා බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද (23)   පැවසීය.

 මේ වන විට පහළ ගොස් ඇති ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තු අඩුකිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.

  මේ සම්බන්ධයෙන්  අදාළ පාර්ශවයන් හා සාකච්ඡා කරන බවද හෙතෙම  සඳහන් කළේය.

 ලෝක වෙළෙදපොලෙහි ඉන්ධන මිල අඩු වීමේ වාසිය මුළුමනින්ම ජනතාවට ලබා දීමට කටයුතු කරන බවද  හෙතෙම පැවසීය.

 

(36698)