ඇමති පියල්ගේ වැටුප ‘කොවිඩ්’ අරමුදලට දෙන්න බෑලු


(යොහාන් භාසුර)

කඵතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සිය පාර්ලිමේන්තු වැටුප ඇපයට තබා පාර්ලිමේන්තු බැංකුවෙන් ණයක් ලබාගෙන තිබීම නිසා ඒ මහතාට ‘කොවිඩ්’ අරමුදලට වැටුප පරිත්‍යාග කළ නොහැකි වී තිබේ.

සෙසු මන්ත්‍රීවරු පාර්ලිමේන්තු වැටුප පරිත්‍යාග කළද තමාට එය කළ නොහැකි බවත් සෙසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වැටුප පරිත්‍යාග කරමින් වටිනා ක්‍රියාවක් කරන බවත් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා කීය.