ඇමති දෙන්නෙක්ගේ ඉල්ලා අස්වීමක් ගැන ගැසට් නිවේදනයක්


 

(අංජුල මහික වීරරත්න)

රජයේ පළමු කැබිනට් සංශෝධනයට අදාලව අමාත්‍යවරුන් දෙදෙනකු ඉල්ලා   අස්වීම සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

බිමල් රත්නායක සහ අනුර කරුණාතිලක මහත්වරුන් නව අමාත්‍යාංශයෙහි දිවුරුම් දීම සඳහා ඔවුන් දැරූ අමාත්‍යාංශ වලින් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අණ පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.