(මොහොමඩ් ආසික් )
ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙමින් පැවැති කාලය තුල අංකුඹුර පොලිස් බල ප්‍රදේශයට අයත් පල්ලේගම ප්‍රදේශයේ පාර්ශව දෙකක් අතර ඇති වූ ඉඩම් ආරාවුලක් දුර දිග යාමෙන් කාන්තාවකට පිහියෙන් කැපීම නිසා තුවාල ලැබූ කාන්තාව අංකුඹුර රෝහල වෙත ඇතුලත් කරනු ලැබ තිබේ.
ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙමින් තිබියදී ඉඩම් ආරාවුලක් සම්බන්ධයෙන් දෙපිරිසක් අතර ආරාවුලක් ඇතිව ඇති අතර එක් පාර්ශවයක පුද්ගලයෙක් අනෙක් පාර්ශවයේ කාන්තාවකට පිහියෙන් කපා තුවාල සිදු කරනු ලැබ තිබේ.
මෙම කැපීමෙන් බරපතල තුවාල ලැබූ කාන්තාව අංකුඹුර රෝහලට ඇතුලත් කරනු ලැබ ඇති අතර සැකකරු අංකුඹුර පොලීසිය මගින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ.
අත් අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.
අංකුඹුර පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.

