( අමරසිරි රණසිංහ)
ඌරගස්මංහන්දිය රන්තොටුවිල ප‍්‍රදේශයේදී කැස්බෑ බිත්තර අලෙවි කරමින් සිටි පුද්ගලයෙක් කැස්බෑ බිත්තර 25 සමඟ සැකපිට අත්අඩංගුවට ගත් බව ඌරගස්මංහන්දිය පොලීසිය පවසයි.
අත්අඩංගුවට පත්ව ඇත්තේ හබුරුගල මහවිල පදිංචි පුද්ගලයෙකි. ඇඳිරි නීතිය කඩ කරන්නන් පිළිබඳව ජංගම සෝදිසි රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ. ඌරගස්මංහන්දිය පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එච්. කේ. හරිත් හල්විට මහතාගේ උපදෙස් පරිදි නියෝජ්‍ය පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක විජිත් ජයන්ත මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් වැඩිදුර විමර්ශන කරති.



