
(නිමන්ති රණසිංහ සහ ටී.කේ.ජී.කපිල)
යූක්රේනයේ දී අලූත්වැඩියා කිරීමෙන් පසු මෙරටට රැගෙන එන ලද ‘‘ඇන්ටොනෝව් 32’’ වර්ගයේ ගුවන් යානා 03ක් යළි ගුවන් හමුදා සකී‍්‍රය සේවයට එක්කරගත් බව ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පවසයි.
‘ඇන්ටොනෝව් 32’ ගුවන් යානා තුන අලූත්වැඩියා කිරීමෙන් පසු, ඉකුත් 11 වැනිදා උදෑසන මෙරටට පැමිණ ඇති අතර, එම යානා නැවත ගුවන් හමුදා සකී‍්‍රය සේවයට යොදාගැනීමේ උත්සවය එදින සවස කටුනායක ගුවන් හමුදා කඳවුරේ දී පැවැත්වුණු බව ද ඔහු සඳහන් කරයි.
මෙම ගුවන් යානා ගුවන් භාණ්ඩ ප‍්‍රවාහනය, මගීන් ප‍්‍රවාහනය, පැරෂුට් ගුවන් භටයින් පුහුණු කිරීම, යුධ අභ්‍යාස සඳහා යොදා ගැනීම, දේශීය ප‍්‍රවාහන අවශ්‍යතා සපුරාලීමට මෙන්ම හදීසි අවශ්‍යතා වෙනුවෙන් විදෙස් රටවල්වලට පියාසර කිරීමට ද යොදා ගන්නා බව තෙහෙම පැවසීය.
1995 වසරේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවයට එක්වූ මෙම ඇන්ටොනෝව් 32 ගුවන් යානා, ගුවන් හමුදාවේ අංක 02 ගුවන් බල ඝනය යටතේ කි‍්‍රයාත්මකව තිබූ අතර, ඒවා ඉකුත් අගෝස්තු මාසයේ දී අලූත්වැඩියා කිරීම ස`දහා යුක්රේනයට පිටත්කර හැර ඇති බවත් පසුව, අලූත්වැඩියාවෙන් පසු දින පහක පියාසැරීමකින් පසු මෙරටට පැමිණී බවත් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කළේය.










