බිමල් ශ්‍යාමන් ජයසිංහ
ගෙවුණු පැය 6 තුළ ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 343 සහ වාහන 122 අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය.
ඉකුත් 20 වැනි දා සිට මේ දක්වා ඇඳිරි නීතිය කඩකිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 30631 අත්අඩංගුවට ගෙන වාහන 7892 පොලිස් භාරයට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා වැඩිදුරටත් පැවසීය.

