හිරාන් ප්‍රියංකර ජයසිංහ
කරුවලගස්වැව මුරියාකුලම ප්‍රදේශයේදි අද ( 20 ) සවස යතුරුපැදියකින් ගමන් ගනිමින් සිටි තිදෙනෙකුට මග රැක සිටි ඇතෙකු පහර දීමේන් කාන්තාවකට බරපතල ලෙස තුවාල සිදුව පුත්තලම මුලික රෝහලට ඇතුලත් කර තිබේ.
මෙසේ ඇත් ප්‍රහාරයකට ලක්ව ඇත්තේ තබ්බෝව කොරියා බවුමේ පදිංචි 60 හැවිරිදි කාන්තාවකී.
මෙම කාන්තාව තම සැමියා සමග ආණමඩුව ප්‍රදේශයේ තම දියණියගේ නිවසට ගොස් ආපසු දියණියගේ අවුරුදු දෙකක පමණ කුඩා දරුවාද සමග පැමිණෙමින් සිටියදි මුරියාකුලම විදුලි අලි වැට ආසන්නයේ දි මග රැක සිටි ඇතාගේ ප්‍රහාරයට ලක්වි ඇති බව කියයි.
ඇතා යතුරුපැදියට පහර දිම සිදුවන විට කුඩා දරුවා විසිවි ඇති බවත් ඒ සමග දැරියගේ සියාද යතුරු පැදියෙන් පැත්තකට විසිවි ඇති බවත් කියයි.
මේ හේතුවෙන් කුඩා දරුවාටත් සියාට කිසිදු අනතුරක් සිදුවි නැති බව කියයි.
ඇතාගේ පහර දිම සිදුවන විට කාන්තාව ඇතාට වදිමින් පහර නොදෙන්නැයි ආසන්නයේ සිද්දිය දුටු පිරිස් පවසයි. කෙසේ නමුත් සිද්දිය දුටු පිරිස් කැගසමින් ඇතා එලවා දැමිමට මහත් උත්සහයක් ගෙන තිබෙන බව කියයි.
පුත්තලම මුලික රෝහලට ඇතුලත් කල කාන්තාව ශල්‍යකර්මයකට ලක්කර ඇති බව කියයි.්‍කරුවගස්වැව පොලිසිය සිද්දිය පිලිබදව පරික්ෂණ අරඹා ඇති අතර වන ජීවි නිළධාරින් ඇතා පලවා හැරිමට කටයුතු කරන බව පැවසිය .

