(එම්.සුසිල් පියන්ත)
මීටියාගොඩ වේරගොඩ ප්‍රදේශයේ වීථී සංචාරය කළ පෙරහරක ඇත් ගොව්වන් දෙදෙනකු අතර ඇති වූ ගැටුමක් බේරිමට ගිය පෙරහර සංවිධායකයකු හෙන්ඩුපාර කෑ පුවතක් වාර්තා වේ.
මේ තැනැත්තාට එල්ලවූ හෙණ්ඩු පහාරින් ඔහුගේ එක් අතක වැලමිටින් පහල කැපී ඇති බවත් ඒ සදහා මැහුම් අටක් පමණ දමා ඇති බවත් දැනගන්නට ඇත.
මේ ඇත් ගොව්වාගේ හෙණ්ඩු පහරින් තුවාල ලැබූ අය සිදුවීම පිළිබදව පොලීසියට පැමිණිළි කළ නැත්තේ එයින් පෙරහර වීති සංචාරය කිරීම බාධාවක් වේ යයි යන්න පිළිබදව සැලකිලිමත්වූ නිසා බවද ඔවුහු කියති.
තුවාල ලැබූ තැනැත්තා පතිකාර සදහා රජයේ රෝහලකට නොගොස් පෞද්ගලික ස්ථානයකින් පත්කාර ලබා ගෙන ඇත්තේ ඒ හේතුව නිසා බවද කියති.

