ඇගලුම් සේවකයන් ගෙන ගිය බසයක් පෙරලී 42කට තුවාල


(කේ. බුද්ධික කුමාරසිරි)

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ ඉහල තල්දුව තිඹිරිපොල ප්‍රදේශයේදී ඇගලුම් කම්හලක සේවකයන් ප්‍රවාහනය කරනු ලබන බස් රථයක් මාර්ගයෙන් ඉවතට පෙරලීයෑමෙන් අද (02) උදැසන සිදුවූ අනතුරකින් එහි ගමන්කල 42 දෙනෙකු තුවාල ලබා අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුලත් කර ඇත

එලෙස රෝහල් ගත කළ පුද්ගලයින් 42දෙදෙනාගෙන් සිව් දෙනකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇත

දැරණියගල සිට අවිස්සාවේල්ල සීතාවක අපනයන සැකසුම් කලාපයේ පිහිටි කර්මාන්ත ශාලාවකට සේවක සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව දෙහිඕවිට පොලිසිය පවසයි

බස්රථයේ රියදුරුට නින්දයාම නිසා මෙම අනතුරු සිදුවන්නට ඇති බවට පොලිසිය සැක  කරන අතර අනතුරින් පොදු විදුලි රැහැන් පද්ධතියටද දැඩි ලෙස හානි සිදුව ඇතැයි ද පොලිසය පවසයි

දෙහිඕවිට පොලිසිය මගින් වැඩිදුර විමර්ෂණ කෙරේ