(ඡායාරූප හා සටහන -මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
නල්ලතන්නිය, ලක්ෂපාන තේ වතුයායේ, ලක්ෂපාන කොටසේ පදිංචි කුඩා ළමයින් ඇතුලු 42 දෙනෙක් ඊයේ (19) රාත්‍රී ආහාර විෂ විමක් හේතුවෙන් මස්කෙළිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇත.
ලක්ෂපාන තේවතුයායේ, ලක්ෂපාන කොටසේ ශ්‍රී මුත්තුමාරි අම්මන් හින්දු කෝවිලේවාර්ෂික තේරු උත්සවය ඊයේ (19) පැවැත්වීමෙන් අනතුරුව බැතිමතුන් සඳහා කෝවිලෙන් සපයන දිවා ආහාර පාර්සල් 750 ක් එදින ප.ව. 02.30 ට පමණ ලබා දීඇති අතර එම ආහාර අනුභව කිරීමෙන් පසුව ඊයේ රාත්‍රී 10.00 සිට ආහාර අනුභව කළ පිරිසෙන් 42 නෙක් අසාධ්‍යව මස්කෙළිය රෝහල වෙත ඇතුළත් කළ බව වෛද්‍යවරු පැවසූහ.
රෝහල්ගත ගත කළ පිරිස වමණය හා පාචනය පැවති බවත්, මේ වන විට රෝගීන් 33 දෙනෙක් නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවන බවත්, ඔවුන්ගේ තත්වය බරපතල නොවන බවත් මස්කෙළිය ප්‍රාදේශිය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි ලියදිපිටිය මහතා පැවසීය.
නේවාසික රෝගීන් අතර කුඩා ළමයින් තිදෙනෙක්, කාන්තාවන් 21 හා පිරිමි පුද්ගලයින් 08 දෙනෙක් සිටිති. ඉතිරි 10 දෙනා ප්‍රතිකාර ගෙන ඊයේ රාත්‍රී පිටව ගිය බව ප්‍රධාන වෛද්‍යවරයා පැවසීය.



