
(අංජුල මහික වීරරත්න)
28 වන ඒකාබද්ධ ආසියා පැසිෆික් කලාපීය සමාජ වැඩමුළුව ලංකාවේදී පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2025 නොවැම්බර් මස 18 දින සිට 21 දින දක්වා 28 වන ඒකාබද්ධ ආසියා පැසිෆික් කලාපීය සමාජ වැඩමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, එම සමුළුව සඳහා දේශීය නියෝජිතයින් 13 දෙනෙකු සහ රටවල් 30කින් විදේශීය නියෝජිතයින් 104 දෙනෙකු සහභාගී වීමට නියමිතව ඇත. ඒ අනුව, එකී සමුළුව මෙරට දී පැවැත්වීමටත්, එම සමුළුව පැවැත්වීම සඳහා අවශ්‍ය ආයතනික සහයෝගය ඇති කර ගැනීම පිණිස ජාතික සමාජ සංවර්ධන ආයතනය සහ ශ්‍රී ලංකා සමාජ කාර්යයන්හි නියුතු වෘත්තීයවේදීන්ගේ සංගමය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමටත් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බල ගැන්වීම අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

