ආරියවතී යකා නටයි


(ඩයනා උදයංගනී)

ධීවර සහයෝගීතා ව්‍යාපාරය ත්‍රිකුණාමලයේ දී අද (28)  පැවැත්වූ කාන්තා දින උත්සවයකදී කාන්තාවන් පිරිසක් ආණ්ඩුවට බැණවැදීම හේතුවෙන් කෝපයට පත් නැගෙනහිර පළාත් සභා හිටපු ඇමතිනී ආරියවතී ගලප්පත්ති මහත්මිය එහි සංවිධායකයන්ට බැණ වදිමින් උත්සව ශාලාවෙන් පිටව යනු දක්නට ලැබිණි.

උතුරු නැගෙනහිර කාන්තාවන් වෙනුවෙන් මෙම කාන්තා දින සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබූ අතර ඒ සඳහා නැගෙනහිර පළාත් සභා හිටපු ඇමතිනී ආරියවතී ගලප්පත්ති මහත්මිය ද පැමිණ සිටියාය.

එහිදී පැමිණි කාන්තාවන් රජයට එරෙහිව අදහස් දැක්වීමත් සමඟ ගලප්පත්ති මහත්මිය වැඩසටහනේ සංවිධායකයින්ට දෝෂාරෝපණය කර පිටව යද්දී පැමිණ සිටි පිරිසගෙන් ඇයට විරෝධයක් එල්ල විය.

එහිදී කුපිත වූ ගලප්පත්ති මහත්මිය එතැනින් පිටව ගියේ පැමිණ සිටි සියලු දෙනාට පරුෂ වචනයෙන් බැණවදිමිනි.

මේ සම්බන්ධයෙන් පැමිණ සිටි පිරිස් ඇගේ හැසිරීම විවේචනය කරමින් අදහස් දක්වන අයුරු ද දක්නට ලැබිණි.