ආර්ථික පනත මූල්‍ය කළමනාකරණ පනත මැතිසබයට


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ   පනත් කෙටුම්පත  පාර්ලිමේන්තුවට අද  ( 22)  ඉදිරිපත්  කෙරිණ.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පනත් කෙටුම්පත් දෙක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

මෙම පනත් කෙටුම්පත් පිළිබඳ විවාද ඉදිරි දිනවල පැවැත්වීමට නියමිතය.

පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට විරෝධතා ගොනු කිරීම සඳහා මහජනතාවට සති දෙකක කාලයක් ඊයේ  සිට ලැබෙනු ඇත.

පනත් කෙටුම්පත් දෙක ඉදිරිපත් කර ඇත්තේ මුදල් ආර්ථික ස්ථායිකරණ  සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාගේ නියෝග මතය.