
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) විසින් කරන ලද විමර්ශනවල කරුණු ඇතුළත් වාර්තාව, නීතිපතිවරයාගේ නිරීක්ෂණ සහ ඉදිරි කටයුතු සඳහා යොමු කිරීම සඳහාවූ යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය අද හිමි විය.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කාරක සභා වාර්තාවක් නීතිපතිවරයාගේ නිරීක්ෂණ සහ ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කිරීමට තීරණය කෙරැණු පළමු අවස්ථාව මෙය බව පැවසේ
මෙම වාර්තාව දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභා වාරයේදී 2025 මාර්තු 10 සහ 21 යන දිනවල මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව කළ විමර්ශනවල කරුණු ඇතුළත් විය
එය 2025 ජූලි 25 දින ප්‍රකාශන මාලා අංක 243 යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ

