හිරාන් ප්‍රියංකර ජයසිංහ
ආරච්චිකට්ටුව ප්‍රදේශයේ ඉන්ධන හලකදි පුද්ගලයකුට පහර දී පොලිස් නිළධාරියකුගේ රාජකාරියට බාධා කරමින් කලහකාරි හා අශෝභන ලෙස හැසිරුණු බව කියන ආරච්චිකට්ටුව හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයා ඇතුළු තිදෙනකු 23 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි හලාවත දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කළේය.
මෙසේ බන්ධනාගාර ගත කළේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති හා වත්මන් පොදුජන පෙරමුණ මන්ත්‍රි ජගත් සමන්ත, සමිර මධුෂංක, සහ ඒ.ඒ. ධම්මික නැමති සැකකරුවන් තිදෙනෙකී.
සැකකාර මන්ත්‍රිවරයා 18 දින ආරච්චිකට්ටුව නගරයේ ඉන්ධනහල අසලදී ඉන්ධන ලබා ගැනිමට බැරලයක් රැගෙන විත් සිටි පුද්ගයකුට පහර දි එම ස්ථානයෙ රාජකාරි කළ පොලිස් සැරයන් වරයාගේ නිළ කබායට හානි වන ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙසේ චෝදනා ලැබ තිබුනි.