ආයුරුවේදයේ දෙපොළකට ජපානයෙන් සම්මානයක්


(සුමිත් පොතුපිටිය)

තම පෞද්ගලික ධනය ආයෝජනය කරමින් මෙරට ආයුර්වේද ක්ෂේත්‍රය වෙනුවෙන් මහියංගන දඹාන ප්‍රදේශයේ ‘මහියංගන දඹාන ආයුර්වේද කෞතුකාගාරය සහ අධ්‍යාපන නිකේතනය’ ඉදිකිරීම අගයමින් ශ්‍රී ලංකාවේ ආයුර්වේද වෛද්‍ය දෙපළකට ජපානයේ ෆුකෝකාහී ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව මෛත්‍රී පදනම විසින් ගෞරව සම්මානයක් පිරිනමනු ලැබ ඇත.

මුදල් ඉපැයීමේ පරමාර්ථයෙන් තොරව ලෝකවාසී ජනයාගේ යහපත වෙනුවෙන් වූ මෙම කෞතුකාගාරය ඉදිකළ වාද්දුවේ පදිංචි ආයුර්වේද වෛද්‍ය එච්.එම්. විතානාච්චි සහ මාලි විතානාච්චි යන දෙපළට මෙම ගෞරව සම්මානය පිරිනැමීමට තීරණය කර ඇති අතර, එය ලබන 15 වැනිදා ජපානයේදී පිරිනැමීමට නියමිතය.

වර්ග අඩි 20,000ක විශාලත්වයකින් යුතු මෙම කෞතුකාගාරයේ, රෝගවලින් ආරක්ෂා වීම සඳහා කරනු ලබන පූර්ව කර්ම, පංචකර්ම ප්‍රතිකාර මෙන්ම ඖෂධ පැළෑටි සංරක්ෂණය පිළිබඳ තොරතුරු ආදිය ද ඇතුළත් වේ