චාන්දනී දිසානායක සහ පුෂ්පකුමාර ජයරත්න
යුද හමුදාව හා බුද්ධි අංශය එක්ව අද (2) කුරුණෑගල නගරාසන්නයේ සිදුකළ හදිසි සෝදිසි වැටලීමකදී නිවසක් තුළ සගවා තිබූ ස්නයිපර් ගිනි අවියකට සවිකරන අධිදුර නිරික්ෂණ දුරදක්නයක් සහ එහි සියලුම කොටස් සමඟ තවත් ආයුධ රැසක් සොයා ගත් බව පොලිසිය පවසයි.
කුරුණෑගල මීගමු පාරේ මලියදේව පිරිමි විද්‍යාලය ආසන්නයේ පිහිටි නිවසක් පරීක්ෂා කිරීමේදී සොයා ගැණිනි.
මෙම අවි ආයුධ තොගයට කඩු 1, පිහි 2 සහ දේශනා ඇතුළත් කැසට් පට 16 ක්, සැකසහිත ලිපි ලේඛන රැසක් අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ නිවසෙහි කුලී පදනම මත පදිංචිව සිටියේ යැයි කියන පුද්ගලයකු වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් බාරයට ගනු ලැබිණි.



