
(සුජිත් හේවාජුලිගේ)
ආපදාවෙන් රෝහල් 236 කට හානි සිදුව ඇතැයි අත්‍යවශ්‍ය කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසීය
මහියංගණය සහ හලාවත රෝහල්වලට දැඩි හානි සිදු වූ බවත් මෙම රෝහල්වලින් සියයට අනූවක් පමණ යථා තත්ත්වයට පත් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
රෝහල්වල වැඩි වශයෙන් හානි වී ඇත්තේ ඒවායේ උපකරණ වලට බව කී චන්ද්‍රකීර්ති මහතා දුම්රිය මාර්ග සම්පූර්ණයෙන්ම යථාවත් කිරීමට ලබන පෙබරවාරි මාසය දක්වා ගතවනු ඇතැයිද සඳහන් කළේය.
මීමුරේ ප්‍රදේශයට පමණක් ගුවනින් ආහාර බෙදීම කරන බව ඔහු වැඩිදුරටත් කීය.

