ආපදාවට මුහුණ දෙන්න සියලු පාර්ශව සූදානම්


(යොහාන් භාසුර)

දෙසැම්බර් සහ ජනවාරි මාසවලදී කාලගුණයේ සිදුවන්නේ යැයි කියන වෙනසට මුහුණදීමට ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්‍ෂක බලකාය ඇතුළු සෙසු සියලුම පාර්ශවකරුවන් සූදානම් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතා අද (12) පැවසීය.

සම්පත් කොටුවේගොඩ මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (12) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.

දෙසැම්බර් සහ ජනවාරි යන මාසවලදී අඩු පීඩන ප්‍රදේශ තරංග ආකාරයේ කැළඹීම්, අවපාත හෝ සුළි සුළං ඇතිවීමේ අවදානයමක් පවතින්නේ යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂයෙන් දැනුම් දී ඇති බවත් එසේ වුවහොත් කාලගුණ තත්වය වෙනස් වන බවත් කීය.

ඊසානදිග මෝසම ක්‍රියාත්මක වූයේ යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත්කළ බවත් ඒ අනුව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයට සම්බන්ධ සියලුම පාර්ශවකරුවන් කැඳවා ඊසානදිග මෝසමට සූදානම් වන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කළ බවත් ඒ මහතා පැවසීය.

කාලගුණ විද්‍යාල දෙපාර්තමේන්තුව වසර 30 ක් තිස්සේ ඊසානදිග මෝසමෙන් වර්ෂාව ලැබුණු දත්ත පරීක්‍ෂා කර මෙම වාර්තාව පළකරන බව කී කොටුවේගොඩ මහතා උතුරු පළාත තුළ සාමාන්‍යයට වැඩි වාර්ෂාවක්, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව යන පළාත්වලට සාමාන්‍ය වර්ෂාවට ආසන්න වර්ෂාවක් සහ බටහිර ටසහ දකුණට සාමාන්‍යයට අඩු වර්ෂාවක් ලැබෙන්නේ යැයි එම වාර්තාවෙන් දැනුම්දී ඇති බව ද වැඩි දුරටත් සඳහන් කළේය.