ආනයනික මත්පැන් බෝතල්වලට ආරක්ෂිත ස්ටිකරයක්


(රංජන් කස්තුරි)

මෙරටට ආනයනය කරන සියලුම මත්පැන් බෝතල්හි ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීම අනිවාර්ය කර තිබේ.

ඒ අනුව මින් ඉදිරියට සුරාබදු දෙපාර්තමේන්තුව මගින් හඳුන්වාදෙන ආරක්ෂිත ස්ටිකරය රහිත විදේශීයන්ගෙන් ආනයනික මත්පැන් සන්තකයේ තබා ගැනීම ප්‍රවාහනය කිරීම, ගබඩා කිරීම හා විකිණීම තහනම් වන බවද මුදල් අමාත්‍යාංශය කියයි.

ආනයනික මත්පැන් සඳහා මෙම නීතිය ජූලි මස 20 වැනිදා සිට ක්‍රියාත්මක කර ඇති අතර ඉදිරියේදී දේශීයව නිෂ්පාදනය කරන මත්පැන් වර්ගවලටද එම ස්ටිකර් නීතිය ක්‍රියාත්මක කරන බවද මුදල් අමාත්‍යාංශය පවසයි.

නීති විරෝධී ආකාරයට විදේශ මත්පැන් රටතුළට ගෙන ඒම මෙන්ම ප්‍රමිතියෙන් තොර හා ව්‍යාජ මත්පැන් අලෙවි කිරීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන තිබේ.