
(සුජිත් හේවාජුලිගේ)
අභ්‍යන්තර ආදායම් දෙපාර්තමේන්තුව (IRD) විසින් 2025/2026 තක්සේරු වර්ෂය සඳහා වන ඇස්තමේන්තුගත ගෙවිය යුතු බදු ප්‍රකාශය (Statement of Estimated Tax Payable – SET) 2025 අගෝස්තු 15 දිනට හෝ ඊට පෙර විද්‍යුත් මාර්ගයෙන් ඉදිරිපත් කරන ලෙස එම දෙපාර්තමේන්තුව බදු ගෙවන්නට දැනුම් දෙයි
දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, 2024/2025 තක්සේරු වර්ෂය සඳහා වන ආදායම් වාර්තාව (Return of Income) සහ SET යන දෙකම ඉදිරිපත් කිරීම සඳහා දැනට එහි විද්‍යුත් සේවාවන් (e-services) විවෘතව පවතින බවයි.
2024/2025 තක්සේරු වර්ෂය සඳහා වන ආදායම් වාර්තාව 2025 නොවැම්බර් 30 වන දිනට පෙර ඉදිරිපත් කළ යුතු වේ.

