ආණ්ඩුව ඇතුළේ අර්බුදයක් නෑ




(සුජිත් හේවාජුලිගේ )

ආණ්ඩුව ඇතුළේ කිසිදු අර්බුදයක් නැතැයි අමාත්‍ය කේඩී ලාල් කාන්ත මහතා පැවසීය.

අලුත් කැබිනට් මණ්ඩලය ප්‍රකාශයට පත්කරනතුරු කිසිදු පුද්ගලයෙකු එය දැන නොසිටි බවත් ඇතුළ  අපූරුවට තියෙන බව ඉන් හොදින් පැහැදිලි වන බවත් ඔහු ප්‍රකාශ කළේය.

"පක්ෂය ඇතුළේ අවුල් තියෙනවා නම් ඒවා පිටට යනවනේ"  යැයිද අමාත්‍යවරයා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා ඉඩම් සහ වාරි මාර්ග නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ වැඩ බාරගත්  අවස්ථාවේදීය.