ආණ්ඩු මන්ත්‍රීවරයෙක් සැරයන්ට තගක් දාලා


(බිමල් ශ්‍යාමන්  ජයසිංහ) 

කසිප්පු කාරයකුට නඩු දැම්මැයි උරණ වූ  ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරයකු වැලිපැන්න පොලිසියේ කොස්තාපල්වරයකුට පරුෂ වචනයෙන් බැණ වැදුණු බවට ස්ථානාධිපතිවරයා පැමිණිල්ලක් කර ඇතැයි වැලිපැන්න පොලිස් ස්ථානයේ නිලධාරියෙක් පැවැසීය.

කසිප්පු ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගත්තයි උරනව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස පෙනී සිටි පුද්ගලයා "උඹ දඟලන්න හදන්න එපා. උඹව මම වවුනියාවට යවනවා දැනගනින්" යැයි පරුෂ වචන කියමින් පොලිස් සැරයන්වරයකුට බැණ වැදී ඇත.

එකී මන්ත්‍රීවරයා ලෙස පෙනී සිටි පුද්ගලයා වැලිපැන්න පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ රාජකාරී ජංගම දුරකථන අංකයට ඇමතුමක් ගෙන  සැරයන්වරයාගේ ජංගම දුරකථන අංකය ලබාගෙන එම තර්ජනය කර  ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි

එහිදී එම මන්ත්‍රීවරයා ස්ථානාධිපතිවරයාව දුරකථනයෙන් අමතා කවුද ඔය පොලිසියේ අජිත් කියන්නේ, ඔහුගේ පදිංචිය ආදී තොරතුරු විමසා, මිනිස්සුන්ට බොරුවට කසිප්පු නඩු දාලා කනටත් ගාලා මේ සිද්ධිය ඕඅයිසී මහත්තයා ඔයා දන්නේ නැද්ද? යනුවෙන් විමසා ද ඇතැයි දැනගන්නට ඇත

සිද්ධියට මුහුණ දුන් සැරයන්වරයා ස්ථානාධිපතිවරයා හමුවී සර් මන්ත්‍රීවරයා මට හොඳටම බැන්නා පරුෂ වචන කියලා .මාව වවුනියාවට මාරු කරනවා  කියලත් කිව්වා

මන්ත්‍රීවරයා ස්ථානාධිපතිවරයා සමග කළ සංවාදය සහ සැරයන්වරයා ස්ථානාධිපතිවරයාට පැවසූ තොරතුරු ද ස්ථානාධිපතිවරයා විසින් තොරතුරු පොතේ සටහන් දමා ඇතැයිද වැඩිදුරටත් දැනගන්නට ඇත

සිද්ධියට මුහුණ පෑ සැරයන්වරයා ඔහුට මන්ත්‍රීවරයා බැන වැදුණු දුරකථනයේ අංකයද යොදා ඒ  සම්බන්ධයෙන් සි පි අයි බි (2)   353/40 සටහන් යොදා ඔහුට සාධාරණයක් සිදු කරන ලෙසද ඉල්ලා ඇතැයිද  දැනගන්නට ඇත

එදින සිට මේ දක්වා සැරයන්වරයා රාජකාරියට වාර්තා කරන නැතැයි ද වැඩිදුරටත් දැනගන්නට ඇත

මේ සම්බන්ධයෙන් වැලිපැන්න පොලිසියේ ස්ථානාධිපතිවරයා  උසස් පොලිස් නිලධාරීන් දැනුම්වත් කර ඇතැයිද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි'