ආණමඩුවේ පොලිස් සැරයන් හිටිහැටියේ මරුට


(එච් චන්දන)

ආණමඩුව පොලීසියට අනියුක්තව සේවය කරමින් සිටි පොලිස් සැරයන්වරයකු හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස  ගොස් ඇත්තේ ආණමඩුව - වල්පාළුව ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි සැරයන්වරයෙකි.  

සිය රාජකාරි අවසන් කොට නිවසට ගොස් සිටි පොලිස් සැරයන්වරයා හදිසියේම රෝගී තත්ත්වයට පත්ව ඇත.

පවුලේ අය විසින් ඔහුව කඩිනමින් රෝහල් ගත කර ඇතත් ඒ වන විටත් පොලිස් සැරයන්වරයා මිය ගොස් ඇත.

මිය ගොස් ඇති පොලිස් සැරයන්වරයාගේ ජෛව පටල සාම්පල පරීක්ෂණයක් සිදු කිරීමට රෝහල් බලධාරීන් කටයුතු කර ඇත.

එම වාර්තාව ලැබීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබේ.