
(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
කැලෑ ගිනි තැබිමේන් පසු දළුලමින් පැවතින අලි මානා ඇතුළු විවිධ තෘණ වර්ග වල රස බැලිමට මේ දිනවල වල් අලි රංචු පිටින් ආණමඩුවේ ගම්මාන වලට කඩා වදිති.
එසේ කඩා වදින වල් අලි රංචු වල ඇතුන් කිප දෙනෙකු ඇතුළු 30 ත් 40 ක සංඛ්‍යාවක් රැදි සිටිමින් සැරිසැරීම චමත්කාර දර්ශනයක් වුවද මෙසේ පැමිණේන වල් අලි රංචු භෝග වගාවන් වැනසිම නිසා ජනතාව පිඩාවට පත්වන බව ඔවුහු පවසති.
මෙ වල් අලි රංචුව මේ වන විට කොට්ටුකච්චිය ජලාශය ආසන්නයෙ රැදි සිට ඉන් පසුව මහකුඹුක්කඩවල ප්‍රදේශයට ගමන් කර ඇති බවද කියයි.
ඇතැම් විටක රංචු ගැසි සිටින අලින් මිනිසුන්ට හිරිහැර නොකරන බවත් තනිව හෝ දෙතුන් දෙනා රැදි සිටින අලින්ගෙන් පමණක් හිරිහැරයක් සිදුව ඇති බව කියයි.


