(නිමන්ති රණසිංහ)
අනුරාධපුර බන්ධනාගාරයේ වෙඩි තැබීමේ සිද්ධියට සෘජුවම සම්බන්ධ වූ බවට රැඳවියන් 30 දෙනෙකු හඳුනාගෙන ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි.
මෙම සිද්ධියට අනුරාධපුර බන්ධනාගාරයේ සිටි රැඳවියන් 700 දෙනෙකු පමණ සහභාගී වී ඇති බවත් ඒ කැරැල්ල සදහා සෘජුවම සම්බන්ධ බවට 30 දෙනෙකු හදුනාගෙන ඇති බවත් එම ආරංචි වැඩිදුරටත් සදහන් කරයි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් එම 30 දෙනාගෙන් ප‍්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔවුන් තාවකාලිකව බූස්ස සහ බෝගම්බර බන්ධනාගාර වෙත මාරුකර යැවීමට කටයුතු සිදුකරනු ලබන බවද බන්ධනාගාර ආරංචි පවසයි.
කොරෝනා වැලදී ඇති බවට සැක රැඳවියකු බන්ධනාගාරය වෙත ඇතුළත් කිරීමට විරෝධය දක්වමින් ඉකුත් 21 දා රාත්‍රියේ අනුරාධපුර බන්ධනාගාර රැඳවියන් නිලධාරීන්ගේ නිවස්නයේ තිබූ මෙට්ට ආදියට ගිනි තබමින් මෙලෙස කලහකාරී ලෙස හැසිරෙමින් කාර්යාලයේ තිබූ පරිගණක මේස පුටු ආදියට ද හානි සිදුවී ඇති බව බන්ධනාගාරය සදහන් කරයි.

